පොලොන්නරුව වටදාගෙයි දිලීරයක් පැතිරේ


පොලොන්නරුව ඓතිහාසික වටදාගෙයි කළු පැහැති  අවර්ණ දිලීර වර්ගයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ අනුව වටදාගෙයි ඇති ඉපැරණි කැටයම් මත මෙම දිලීරය ව්‍යාප්ත වී ඇති අතර එය ඉවත් කොට සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් මේ වන විට ක්‍රියාත්මක  කර තිබේ. 

ඉකුත් දහ හතර වැනිදා එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කල බවත් රසායනික ද්‍රවය භාවිතයෙන් තොරව ජලය යොදා කළු පැහැති එම දිලීර වර්ගය ඉවත් කරන එම ව්‍යාපෘතියය භාර නිලධාරියෙකු සදහන් කළේය. 

මේ ඇත වටදාගෙය ආසන්නයේ ඇති පොළොන්නරුවේ ඉපැරණි බෝසත් පිලිමයේද මෙම දිලීරය හට ගෙන ඇති බවත් එය සංරක්ෂණය කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බව එම  නිලධාරියා වැඩි දුරටත් සදහන් කර සිටියේය. 

news pix polonnaruwa watadageya (1) news pix polonnaruwa watadageya (2) news pix polonnaruwa watadageya (3) news pix polonnaruwa watadageya (4) news pix polonnaruwa watadageya (5) news pix polonnaruwa watadageya (6) news pix polonnaruwa watadageya (9) news pix polonnaruwa watadageya (10) news pix polonnaruwa watadageya (12)



Recommended Articles