පොලිස් නිලධාරීන් 16362ක් සහභාගිවූ විශේෂ මෙහෙයුමක්


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරින් 16362ක සහභාගිත්වයෙන් විශේෂ මෙහෙයුමක් පවත්වා ඇත. ඊයේ රාත්‍රී 11.00 සිට අද අලුයම 3.00 දක්වා මෙම මෙහෙයුම පවත්වා ඇත.

එහිදී රථවාහන නඩු 5744ක් ඇතුළු විවධ අපරාධ සම්බන්ධයෙන් වැටලීම් කිහිපයක්ම සිදුකර තිබේ. එසේම සැකපිට පුද්ගලයන් 962ක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව නීති විරෝධී මත්පැන් වැටලීම් 948ක්, වරෙන්තුකරුවන් 758ක් අත්අඩංගුවට ගැනීම, අපරාධ සඳහා අවශ්‍ය පුද්ගයන් 86ක් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ගින අවි 03ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

sri_lanka_police

 

 



Recommended Articles