පෙට් ස්කෑනරයක් කොළඹ ජාතික රෝහලේදී විනාශයට


මීමැස්මොරය නමැති රෝගය සෑදෙන ජනතාවගේ භාවිතය සඳහා කොළඹ ජාතික රෝහලට ගෙනෙන ලද අධික වටිනාකමකින් යුතු පෙට් ස්කෑනරය තවමත් ජනතාවගේ භාවිතය සඳහා යොදා නොගෙන විනාශ වීමට ඉඩහැර ඇතැයි වාර්තා වේ.

රුපියල් කෝටි 20කට අධික මුදලක් වැය කර මෙම පෙට් ස්කෑනරය කොළඹ ජාතික රෝහලට ගෙන්වා ඇත.  ස්කෑනරය භාවිත කිරීමට අවශ්‍ය එෆ්.ඩී.ජී. එන්නත ආනයනය නොකිරීමෙන් මෙලෙස එම යන්ත්‍රය භාවිතයට ගත නොහැකිව ඇතැයි වාර්තා වෙයි.

යම් හෙයකින් එම යන්ත්‍රය භාවිතය ගත්තේ නම්, මීමැස්මොරය වැල‍ඳෙන ජනතාව මෙන්ම පිළිකා රෝගීන්ද ඒ හරහා පරීක්ෂා කර ගැනීමට ඉඩක් තිබූ බවද එම වාර්තා පෙන්වා දෙයි. 

111



Recommended Articles