පුද්ගලික බස් මසයකට කෝටි 17 ක් කප්පම් දෙයි


ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ බස් රථවලින් මාසිකව රුපියල් කෝටි 17 ක් කප්පම් ලෙස ලබාගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. එමෙන්ම දෛනිකව තම බස්රථවලින් රුපියල් 100, 200, 500 යනාදී කප්පම් මුදල් ලබාගන්නා බවත් ඊට වේලා සටහන්කරුවන් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සෘජුව දායකත්වය සපයන බවත් ඔහු පැවසුවේය.

මෙරට යහපාලනය ඇති කිරීමට සිය සංගමයද සහාය දැක්වූ බවත්, නමුත් වර්තමානයේ ජනාධිපතිවරයා සිය සංගමයට එකඟ වූ කරුණු 10 පවා ක්‍රියාත්මක කිරීම පසෙක දමා ඇති බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම කප්පම් ලබාගැනීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසමට ලිඛිතව දන්වා ඇති බවත්, ඒ හරහා තමන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.



Recommended Articles