පිස්තෝලයක් සමග යුද හමුදා ‌කෝප්‍රල් හා අරක්කැමියෙක් අත්අඩංගුවට


හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාසපුරයට ගමන් ගන්නා මාර්ගයේදී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හා හිස් පතුරම් ගැබ් 01ක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා අරක්කැමියෙකු හා ඊට ආධාර අනුබල දුන් යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (13දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අබ්දුල් නිසාර් මොහොමඩ් ජිබ්රි (55/යුද හමුදා අරක්කැමි), සම්මි ප්‍රියංකර (50/යුද හමුදා කෝප්‍රල්) මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවෝ වෙති. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Police-logo



Recommended Articles