පැරදුණු ඇමති තුනකට අලුත් තනතුරු


පළාත් තුනක් සඳහා නව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව මධ්‍යම පළාත සඳහා එරික් වීරවර්ධන, වයඹ පළාත සඳහා ශාන්ත බණ්ඩාර සහ ඌව පළාත සඳහා ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් එම තනතුරුවලට පත්කර ඇත.

ඔවුන් තිදෙනාම පසුගිය ආණ්ඩුවේ ඇමති තනතුරු හෙබවූ අතර අගෝස්තු මස පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තරග කොට පරාජයට පත් වූ අපේක්ෂයකයන් තිදෙනෙකුය.  



Recommended Articles