නිරිතට වැසි 27දක්වා - උතුරු මැදටත් වැසි ඇති වේ


සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම මස (27දා) දක්වා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි ඇතිවන බවත් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ටද මේ කාලය තුළ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව උතුරු මැද පළාතේද තැනින් තැන මද වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles