නාවික හමුදාපතිගේ පත්වීමත් සමග ඉන්දීය ධීවරයන් පැමිණීම අඩුවෙලා


උතුරු මුහුදේ ආරක්ෂාවට යොදවා ඇති නෞකාවන්වල මුර සංචාරක රටාව විධිමත් කිරීමත් සමගම ශ්‍රී ලංකා මුහුදු සීමාවන්ට පැමිණෙන අනවසර ඉන්දීය ධීවරයන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි නාවික හමුදාව පවසයි.

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු නව ක්‍රමවේදයත් සමගම, පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්ට පැමිණෙන ට්‍රෝලර් යාත්‍රා‍ නිරීක්ෂණය වී ඇත්තේ ඉතාමත් අඩුවෙන් බව නාවික හමුදාව පවසයි.

එම නිසාම අනවසර ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් සහ යාත්‍රා අත්අඩංගුවට පත්ව ඇත්තේද ඉතාමත් සීමිත සංඛ්‍යාවක් බවත් මුහුදු තීරය පුරාම විධිමත්ව දිවා රාත්‍රී අඛණ්ඩව මුර සංචාර සිදු කිරීම හේතුවෙන් ඉන්දීය ධීවරයන් පැමිණීම අවම වී තිබේ.

එසේම ශ්‍රී ලංකා මුහුදු සීමාවන්ට පැමිණීමට නොහැකිවූ දකුණු ඉන්දීය තමිල්නාඩු ධීවරයන් ඔවුන්ගේ ආසන්නතම ප්‍රාන්ත වන ආන්ද්‍රා සහ කේරළ යන මුහුදු සීමාවන්ට ඇතුළුවී අනවසර ධීවර කටයුතු කිරීමට පටන් ගෙන ඇති බවත් නාවික හමුදාව පවසයි.

08 copy

 

 



Recommended Articles