නාමල් රාජපක්ෂට ඇමෙරිකාවට යන්න බැරි වෙයි


රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට සූදානම් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇමෙරිකාවට ගමන් කිරීමට නොහැකිවී තිබේ. රුසියාවේ ජනපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස එක්ව සිටි මන්ත්‍රීවරයා රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට සූදානම් වී තිබේ.

කෙසේ වෙතත් ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම් දීම මත ගුවන් යානා කාර්ය මණ්ඩලය නාමල් රාජපක්ෂ මහතා මොස්කව් සිට හූස්ටන් බලා යන ගුවන් යානයට එක් කරගෙන නොමැත. එම ගුවන් යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබණත් ඩුබායි සිට ඇමෙරිකාවට ගමන් කිරීමට මන්ත්‍රිවරයාට අවස්ථාව ලබාදී නොමැත.

කෙසේ වෙතත් මේ සඳහා හේතුව කුමක්දැයි නොදන්නා නමුත් එය තමාගේ නමේ ප්‍රශ්නයක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වීම හෝ තමන් රුසියාවේ සිට ගමන් කිරීම මේ සඳහා හේතුව විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Capture

namal-rajapaksa

 

 

 



Recommended Articles