නම ගම ආගම හා වාහනයක පාට වෙනස් කිරීම ගැන ඇහුවා


(VIDEO) සිරිලිය සවිය ගිණුම යටතේ තිබූ මෝටර් රථයක පාට වෙනස් කිරීම ගැන හා තමන්ගේ නම, ගම හා ආගම  පිළිබඳව ප්‍රකාශයක් ලබා ගත් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් ඔහු ඉහත අදහස් දැක්වීය.

රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතා අද (16දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ඔහුගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

DSC_0684

 

 



Recommended Articles