දේශපාලන පෙරළියකට රහස් කතාබහ


තම තමන්ගෙ කණ්ඩායම්වල බලය වැඩිකර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුම් දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්බද්ධ විපක්ෂය මගින් අරඹනු ලැබ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු තම පිලට ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් සාකච්ඡා අාරම්භ කඅර ඇත.

ඒ අතර ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පකෂ ඇමතිවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මහින්ද මෙහෙයුමක් දියත් කර තිබේ.

මේ අතර ඉකුත් බාදාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු පිරිසක් ඉකුත් බදාදා බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර තිබේ.

මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරණය කර ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් සමග එක්වන ලෙසය. සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබේ.

දයාසීලි ලියනගේ

 



Recommended Articles