දෙහිවල සත්වෝද්‍යානයට ඉදිරියේදී නව සත්ව විශේෂ රැසක්


දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු හා මිලදීගැනීමේ ක්‍රම යටතේ සතුන් වර්ග රැසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව කැංගරු විශේෂ, චීටා, වඳුරන්, ජිරාෆ් වැනි සත්ව විශේෂ ප්‍රදානයන් වශයෙන් ලබාගැනීමට වෙනත් රටවල් සමග අවශ්‍ය සාකච්ඡා පවත්වා ඇත.
සත්ව හුවමාරු ක්‍රමය යටතේ නව සර්ප විශේෂ රැසක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතව ඇත. එලෙස අප රටට ලබාදෙන සර්පයන් වෙනුවෙන් මෙරටේ බහුලව සිටින සර්ප විශේෂ එම රටවල් වෙත ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. 
එමෙන් ම කුරුළු විශේෂ, අශ්ව හා පෝනියන් වැනි සතුන්  මිලදීගැනීමට ඉදිරියේ දී කටයුතු කෙරෙනු ඇත.


Recommended Articles