දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ බලයත් පොහොට්ටුවට


එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන ඇත. ඒ එහි නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද දෙකකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා තේරීපත්වීමත් සමගිනි.

ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා රණසිංහ මහත්මියට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 21ක් පමණි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 36985ක් සමගින් මන්ත්‍රීධුර 19ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ඡන්ද 36029ක් සමගින් මන්ත්‍රීධුර 19ක් ලබාගත්තේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීධුර 6ක් හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 04ක් ලබාගත්තේය.

Capture copy copy



Recommended Articles