දෙවැනි පාර්ලිමේන්තු දිනයේදී බිලියන 100ක පරිපූරක ඇස්තමේන්තු


ආණ්ඩුව විසින් 2017 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිදුකළ අතිරේක වියදම් පියවාගැනීම සඳහා රුපියල් බිලියන 14 ක  සහ රුපියල් බිලියන 86  බැගින් රුපියල් බිලියන 100 ට ආසන්න පරිපූරක ඇස්තමේන්තු දෙකක් අද (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2017 වසරේ නොවැම්බර් මස 01 දා සිට 30 දා දක්වා අතිරේකව වියදම් කළ රුපියල් 14,078,711,782 ක මුදලක් ඒක් පරිපූරක ඇස්තමේන්තුවකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ . 

2017 වසරේ දෙසැම්බර් 01 දා සිට 29 දා දක්වා රුපියල් 86,570,311,665ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමත කරගැනීමට ඉදිරිපත්කර ඇත.

ඒ අනුව ඇස්තමේන්තු දෙක මගින්ම අනුමත කිරීමට අපේක්ෂාකර ඇති  මුළු මුදල රුපියල් 100,649,023,447කි.Parliament_3_1 copy copy

 

 

 

 

 



Recommended Articles