දුම්රිය වර්ජනය නවතී


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දින හතක දුම්රිය වර්ජනය තාවකාලිකව නවතා දැමීමට දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබේ.

ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලැබුණ හෙයින් ඔවුන් මෙසේ තාවකාලිකව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත.

train-3



Recommended Articles