දුම්රිය වර්ජනය අවසන්


අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබාදුන් පොරොන්දුවක් මත දුම්රිය වැඩවර්ජනය නවතා දැමීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. පවතින වැටුප් ගැටලු හා පරිපාලන ගැටලු මාස 02ක් තුළ විසඳන බවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පොරොන්දු වූ බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

මේ අනුව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවද එම පිරිස් පෙන්වා දෙති. වර්ජනයට එක්වූ සේවකයන්ට විනය ක්‍රියාමාර්ග නොගන්නා බවට වන කොන්දේසියකට අමාත්‍ය කමිටුව එකඟ වූ බවද වෘත්තීය සමිති නියොජිතයේ සඳහන් කරති.

පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක විය. 

 

AID_7086



Recommended Articles