දුම්රිය වර්ජනයක් - කොටුව නොසන්සුන්


දුම්රිය ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරන් හා දුම්රිය නියාමකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ගන්නා සියලු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පැවැසීය.

මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබේ.

දුම්රිය රියදුරු සහයකයන් බඳවා ගැනීමේ කාර්ය පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදු වෙයි.

rail-418923_960_720



Recommended Articles