දුම්රිය - කාර් අනතුරින් තිදෙනෙකු මරුට


වේයන්ගොඩ, හීන්දෙණිය පට්ටියගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් එම හරස් මාර්ගයේ ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අද (20දා) පෙ.ව. 8.30ට පමණ මෙම අනතුරු සිදුව ඇත. මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර එයින් තුවාල ලැබූ තිදෙනෙක් වතුපිටිවල රෝහට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ජීවිතක්ෂයට පත්වූ තවත් අයෙක් දුම්රියෙන්ම ගම්පහ දුම්රිය ස්ථානයට ගොස් ඇත.

accident copy copy

 

  



Recommended Articles