දියතලාව පිපිරීම මගියෙකුගේ බෑගයේ තිබූ ග්‍රෙනේඩයකින්


දියතලාව ප්‍රදේශයේදි බස් රථයක් ගිනිගෙන ඇත්තේ මගියෙකුගේ බෑගයක් තුළ තිබුණු ග්‍රෙනේඩයක් පුපුරා යෑමෙන් බව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධව තමන් නීතිය හා සාමය ඇමතිවරයාගෙන්, හමුදාපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් විමසූ බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා ලවා ඉදිරි පරීක්ෂණ කරගෙන යන බවයි.

35a7786d2094a30b3fa5621a54dcf0a3_XL

 



Recommended Articles