දිනේෂ්ව ගෙනියන්න ආව පොලිස් නිලධාරීන්ගේ අංක නැත්තේ ඇයි?


පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට අපහාසකිරීම සහ පාර්ලිමේන්තුවට අපහාස වනපරිදි හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා නියෝගතකළ අවස්ථවේ දිනේශ් ගුණවර්ධන මහතා සභාගැබෙන් ඉවත් නොවුණි.

ඒමොහෙතේදී පාර්ලිමේන්තු පොලිසිය සභාගැබට කැදවීමට වේත්‍රධරීතුමාට සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභා ගැබෙන් ඉවත් කරන විට සම්ප්‍රදායක් ලෙස පොලිසිය පැමිණෙන්නේ ඔවුන්ගේ අංක තහඩු සහ බෙල්ට් නොමැතිවය.

එහෙත් මෙසේ පැමිණි පොලිස් නිළධාරීන් කැලැ පොලිසියක් යැයි  කියමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ මන්ත්‍රීවරුන් කැගසන්නට වු අතර ඒමොහොතේදී පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයා පවා කැදවීමට සිදුවිය.

කෙසේවෙතත් පාර්ලිමෙන්තු සම්ප්‍රදායට අනුව පොලිස් නිළධාරීන් පැමිණි බවත් ඔවුන් කැලෑ පොලිසියක් නොවන බවත් එහිදී ඔවුන්ට පවසන්නට විය.

අවසානයේදී දිනේශ් මන්ත්‍රීවරයාට සභාගැබෙන් පිටතට යාමට සිදුවු අතර සතියක් පාර්ලිමේන්තුවද තහනම් විය

පහත ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි

17156225_452064565126144_7019725059415907353_n 17156297_452064461792821_2109160844214401850_n 17190344_452064508459483_2865725151290309874_n



Recommended Articles