රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුකළ පුද්ගලයින් පාර්ලිමේන්තුවට පැමිණ යුධ අපරාධ පිළිබඳ කතාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීමත් සමඟ අද(11) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වය හටගත්තේය. මේහේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල්තැබීමටද මුලාසනයට සිදුවිය.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තාජුඩීන් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග විපක්ෂ මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එය අධිකරණයේ යන නඩු කටයුත්තක් බැවින් ඊට විරෝධය පළකළේය. පසුව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුයේ අධිකරණයේ ඇති නඩුව පමණක් කතා කළ නොහැකි අතර ඊට අදාළ කාරණා කථාකළ හැකිබවය. කෙසේවෙතත් විනාඩි 10ට කල්තැබීමට සිදුවු පාර්ලිමේන්තුව රැස්වු පසුව නැවතත් ගෝෂාකාරී තත්වයක් හටගත්හෙයින් නැවතත් පාර්ලිමේන්තුව කල්තැබිණි. මෙසේ පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවේ එජනිස නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාට පහරදීමට උත්සහ කර ඇති අතර ඔහුට තර්ජනය කරතිබේ. ඒසම්බන්ධයෙන් වන වීඩියෝබටයක්ද මේවනවිට අන්තර්ජාලයට නිකුත්වී තිබේ. පැයකට ආසන්න කාලයක් නවතා තිබුණු පාර්ලිමේන්තුව ආරම්භ කරමින් අවසානයේ කතානායකවරයා පැවසුවේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පිළිබඳ ප්‍රකාශ වූ වාක්‍යක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවය. පාර්ලිමේන්තුව හෙට (12) පෙරවරු 09.30 දක්වා කල් තැබුණි
පහරදීමට උත්සහ කළ අවස්ථාවේ ඡායාරූප
ඡායාරූප UPFA - A Brighter Future ෆේස්බුක් පිටුවෙනි