තමාට අයත් ඩිෆන්ඩර් රථයකින් ගොස් පුද්ගලයෙකු පැහැරගෙන පහරදුන් බවට විවිධ පිරිස් තමන්ට චෝදනා එල්ල කළද, අදාළ සිද්ධියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
අදාළ සිද්ධිය සිදුවී තිබෙන අවස්ථාවේදී තමන් කොළඹ නගර සභාවේ 150 වැනි
සංවත්සරයට සහභාගී වී සිටි බවද ඇය පවසා සිටියාය.
කෙසේ නමුත් තමන්ගේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු පෞද්ගලික සිද්ධියක් මුල් කරගෙන තමාගේ ඩිපෙන්ඩර් රථයෙන් පුද්ගලයෙකු රැගෙන විත් තිබෙන බවත්, එබැවින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 06 දෙනා සහ ඩිපෙන්ඩර් රථය පොලීසියට භාරදුන් බවත් මන්ත්‍රීවරිය පවසා සිටියාය.
තමන් නීතියට ගරුකරණ බවත් එහෙත් පොඩි සිද්ධියක් අල්ලාගෙන එක්තරා කණ්ඩායමක් ලොකු ප්‍රසිද්ධියක් ලබාදීමට කටයුතු කරණ බවද සදහන් කළාය.
ඊයේ(22දා) සවස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රීවරිය මේ පිළිබඳව සඳහන් කළාය.
ඩිෆෙන්ඩර් සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ
Recommended Articles