ඩ්‍රෝන කැමරාවට නව නීති


ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසිය. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදි හම්බන්තොටදී හිරු නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබගෙන නොතිබූ බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටි බවත්ය.

නව තාක්ෂණය පැමිණ ඇති බවත් එයට සරිසන පරිද නිතිද වෙනස් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

drone



Recommended Articles