ට්‍රම්ප්ගේ තීරණයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් විරුද්ධයි


ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් විරෝධය ප්‍රකාශ කර තිබේ.

ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව රටවල් 128ක් මෙසේ සිය ඡන්දය භාවිත කළේය.

චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, උතුරු කොරියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, නවසීලන්තය, දකුණු කොරියාව, රුසියාව, ජපානය මහා බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 128ක් මෙසේ එක්සත් ජාතීන්ගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාව,ඊශ්‍රායෙලය ඇතුළු රටවල් 9ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඔස්ට්‍රේලියාව හා ආජන්ටිනාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී ඇත.

15aead6173da4b1b8ea709af79a1cafa_18



Recommended Articles