ජනපතිගේ ජපාන සංචාරයට ඥානසාර හිමි ඇතුළත් නෑ - PMD


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව ජනපති මාධ්‍ය අංශය  පවසයි.

ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කර තිබූ බවත් ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපති  සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇති බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.

එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිවරයාගේ දූත පිරිස අතරට ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

සමාජ මාධ්‍ය හරහා පළවූ ඡායාරූපයක්

DYLsuhdX4AACz6R

 


Recommended Articles