ජනපතිගෙන් මාධ්‍යයට විවේචනයක්


අද වනවිට මාධ්‍ය මගින් රටේ අර්බුදයක් ඇති බවට පෙන්නුම් කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5දා) පැවසීය.

රටේ කිසිදු අර්බුදයක් නොමැති බවත්, රට අර්බුදයට ලක්කිරීමට බලා සිටින අයට ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘විරුසුමිතුරු’ නිවාස වැඩසටහන යටතේ නිවාස අහිමි රණවිරු පවුල් 192කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අද මාධ්‍ය ගත්විට අපේ ආණ්ඩුවට දිගට හරහට ගහනවා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ ගමන අවුල් කියලා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ රටේ මහ අවුලක් තිබෙනවා කියලා.

මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ රටේ ආණ්ඩුවක් නැහැ කියලා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ හෙට ආණ්ඩුව වැටෙවි කියලා. මාධ්‍යට ඒ නිදහස දුන්නේ අපි. ආණ්ඩුවක් විදිහට අපේ දර්ශනය හා ප්‍රතිපත්තිය තුල. අපි බලයට එන්න කලියෙන් මේ රටේ මාධ්‍යවේදීන් කීදෙනෙක් ඝාතනය වුණාද ? මේ රටේ මාධ්‍ය ආයතන කීයකට ගිනි තැබුවාද?

මේ රටේ මාධ්‍යවෙදීන් කීදෙනෙක් අතුරුදහන් වුණාද?මේ රටේ මාධ්‍යවේදීන් කීදෙනෙක් මේ රට අතහැරලා ගියාද? ඒ සියල්ල අපි අනිත් පැත්තට කරකවලා , වෙනස් කරලා මාධ්‍යවේදීයාගේ ජීවිත ආරක්ෂාව ලබාදුන් අපිට ඒ අය පෙන්නුම් කරනවා මහ අවුලක් මේ රටේ තියෙනවා කියලා. මේ රටේ කිසිම අවුලක් නැහැ. මේ රට අවුල්කරන්න හදන අයට අපි අවුල්කරන්න දෙන්නෙත් නෑ.” යනුවෙන් පවසා සිටියේය.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_2031  AID_2035 AID_2040 AID_2043  AID_2047  AID_2059 AID_2062 AID_2065 AID_2067 AID_2080 AID_2087 AID_2097 AID_2099 AID_2101 AID_2106 AID_2117 AID_2122 AID_2125 AID_2130  



Recommended Articles