පාරිසරික යහපාලනය සඳහා විශේෂ අවධානයක් - ජනපති


21 වැනි සියවස තුළ ගෝලීය පාරිසරික-සංවේදී නව ශිෂ්ඨාචාරයේ පෙරගමන්කරුවෙකු ලෙස අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමටත්, පාරිසරික යහපාලනය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමටත් ශ්‍රී ලංකා රජය සැදී පැහැදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයට සමගාමීව ආරම්භ කෙරුණු 2015 තිරසාර සංවර්ධන සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

තිරසාර සංවර්ධනය යනු සමස්ත ලෝකයේම, සමාජීය සංවර්ධනයේද, ආර්ථික සංවර්ධනයේද, පරිසර ආරක්ෂණයේද සමතුලිතභාවය බවත්, 2030 වනවිට මෙම ඉලක්ක පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මීට අදාළ ප්‍රතිපත්තිමය රාමුව, වත්මන් රජයේ, යහපාලන මූලධර්ම මත පිහිටුවන ලද ආයතනික රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, එම යහපාලන ප්‍රතිපත්තියේ ඉදිරි පියවරක් ලෙස පාරිසරික යහපාලනය සඳහාද විශේෂ අවධානයක් යොමු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles