ගෝඨාව ලංකාවේදී අත්අඩංගුවට ගන්න බෑ


ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද (10දා) පැවසීය.

අමාත්‍යවරයා - ''ශ්‍රී ලංකාවේදී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න බෑ. ඒක තමයි ලංකාවේ නීතිය''

මාධ්‍යවේදීන් - ඇමතිතුමා ඒකට හේතු?

අමාත්‍යවරයා - ඒක තමයි මමත් දන්නේ නැත්තේ. දැන්  මේවා අහනකොට තමයි මට බණින්නේ. ගෝඨාභය රාජපක්ෂගේ වැරදි අපි කතා කළේ ගිය ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන. කිහිපදෙනයි කශේරුකාව තියන් කතා කළේ. අනිත් අය මහරජාණෙනි කිව්වා.

Rajitha-Senarathna



Recommended Articles