ගීතා මන්ත්‍රී ධුරයට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයත් කියයි


ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්මේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය දුන් තින්දුව  ශ්‍රේෂ්ඨාධිකරණය අද (02දා) නැවත වරක් තහවුරු කළේය. ඒ ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකළ පෙත්සමට අදාළව තීන්දුව ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරමිනි.

අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය මුලින්ම ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරයි නොහැකි බවට තීන්දු කළේය. පසුව ඇය එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළාය. 

Geetha-Kumarasinghe

 



Recommended Articles