ගල්කිස්ස අධිකරණ භූමියේ පිස්තෝලයක් හා රිවෝල්වරයක්


ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ බෑගයක සඟවා තිබූ චීනයේ නිශ්පාදිත පිස්තෝලයක් හා රිවෝල්වරයක් සොයාගත් බව පොලීසිය කියයි. එසේම ඒ සඳහා භාවිත කරන උණ්ඩ 4ක්ද සොයාගත් බව පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ පැවැති බවත් යම් ප්‍රහාරයක් සඳහා එය අධිකරණයට භූමියට ගෙන එන්නට ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ කටයුතු අත්හිටුවා එහි රැඳ සිටින පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින අතර පොලිස් නිල සුනඛයින්ද එම ස්ථානයට කැඳවා ඇතැයි පොලීසිය පවසයි.  

 



Recommended Articles