ගංජා කිලෝ 56 සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (10දා) පෙරවරුවේ පේදුරුතුඩුවට ආසන්න තොන්ඩමනාරු වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 56 .5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි. ​

​අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට නියමිතය.  

මීට අමතරව පසුගිය ජුනි මස 02 වන මාරවිල පොලිසීයේ සහය ඇතිව කල වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග ක් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

IMG_4427 IMG_4488  IMG_4522



Recommended Articles