කෝපායිහීදී පොලීසියට පහර දුන් සැකකරුවන් 2ක් අත්අඩංගුවට


කෝපායි ප්‍රදේශයේදී පසුගිය (30දා) පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීමේ  සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (03දා) අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.

 නල්ලූර් පාර, අර්ෂදී හි පදිංචි යෝගරාසා සගීසි නොහොත් මුත්තු  (18) සහ කෝපායි හි පදිංචි අරුල් ෂීලන් පැට්‍රික් දිනේෂ්  (18)  නැමැත්තෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුටව පත්ව සිටිති.

මෙම සිදූවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව යාපනය පොලීසිය පවසයි.



Recommended Articles