කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට 'අර්ජුන් වගකිව යුතුයි'


මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව  මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බව එහි නිර්දේශ කර තිබේ.

බැඳුම්කර ගණුදෙනුවට හිටපු මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන මණ්ඩලය ප්‍රධාන බලපෑමක් කර තිබෙන බවට පිටු 55කින් යුත් කෝප් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවත් කෝප් කමිටුවෙන් නිර්දේශ කර තිබේ. 

වාර්තාව නීතිපතිට යොමු කළ ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය. කෝප් කමිටු සභාපතිවරයාට ඇතුළු සාමාජික මණ්ඩලයට ස්තූති කරන බවත් ඔහු පැවැසීය.

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට යොමු කරන ලෙස එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. 



Recommended Articles