කෝටි 50ක් ඉල්ලා ජොනීට එරෙහිව ජවිපෙ නඩු මගට


තම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාට අපහාස සිදුකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව දිස්ත්‍රික් උසාවියේ නඩුපවරන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.

මලික් සමරවික්‍රම මහතාගෙන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලබාගෙන ඇතැයි අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් මෙම අපහාසය සිදුකර තිබෙන බවද ඔහු පවසා සිටියේය.

මෙයට එරෙහිව සති දෙකක් තුළ කොළඹ දිස්ත්‍රික් උසාවියේ මෙම නඩුව පවරන බවත්, එහිදී ඔහු අමාත්‍ය ධුරය දරන කාලයේ සිදුකළ දූෂණ වංචා පිළිබඳවද ප්‍රශ්න කරන බවත් හෙතෙම පවසා සිටියේය.

maxresdefault copy copy

 

 



Recommended Articles