කෝටි 2ක අයිස් මත්ද්‍රව්‍ය සමග නයිජීරියානු කතක් අත්අඩංගුවට


රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝ 2.028ක් සමග නයිජීරියානු කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කටුනායක ගුවන් තොටුපොළේදී මෙම අත්අඩංගුවට ගෙන ඇත. ඇයගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක මෙම මත්ද්‍රව්‍ය තිබී ඇත.

අවුරුදු 21 ක් වූ මෙම නයිජීරියානු තරුණිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් බාරයට ගන්නා බව පොලීසිය කියයි.

arrest



Recommended Articles