ආනන්ද, නාලන්ද හා ඩී එස් ගැටුමට 15ක් අත්අඩංගුවට


(UPDATE)

17. 19 PM

කොළඹ ආනන්ද, නාලන්ද හා ඩී.එස්. සේනානායක පාසල් හි සිසුන් අතර ඇතිවූ ගැටුම්වලට සම්බන්ධ සිසුන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.  ප්‍රධාන ආනන්ද හා නාලන්ද පාසල් දෙකේ සිසුන් අතර ගැටුමක් ඇතිව එයින් තිදෙනෙක් තුවාල ලබා ඇත. ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන් අතර ඇතිවූ ගැටුමෙන් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ. ගැටුම හේතුවෙන් ලංගම බස් රථයකට හා පාසල් වෑන් දෙකකට හානි සිදුව තිබේ.


15.44 PM

කොළඹ ප්‍රධාන පාසල් තුනක සිසුන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

 

 



Recommended Articles