කොළඔට සුඛෝපභෝගී බස්රථ


ඉදිරි වර්ෂය (2016) තුළ කොළඔ නගරය තුළ සුඛෝපභෝගී බස්රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරනබව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. මේයටතේ සියලූම ඩිපෝ සඳහා ටිකට් මැෂින් ලබාදීම අවසන් කිරීම,ධාවන අංශයේ සංඛ්‍යා ලේඛණ සහ වාර්තා සකස් කිරීම සඳහා තාක්ෂණය යොදා ගැනිම,මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීම,දිවයින පුරා පිහිටි ඩිපෝහි යටිතල පහසුකම් සංවර්ධනය කිරිම,ගෙවීමේ පදනම මත මිලට ගත් බස්රථ 2,200 අදාළ වාරිකය ගෙවීම, ආදියද සැලසුම තුළ ඇතුළත්ය.

එමෙන්ම රථ ඇණිය පුනරුත්ථාපනය හා නඩත්තුව,විශේෂ විමර්ශන කටයුතු සඳහා නව වාහන30ක් මිලට ගැනිම, කුඩා බස්රථ 80ක් මිලදීගැනීම, Low Floorබස්රථ 25 ක් මිලදී ගැනීම, එංජින් කට්ටල් මිලට ගැනීම, ඩීසල්Dispensing pump මිලදී ගැනීම,නව යන්ත‍්‍ර හා උපකරණ මිලදීගැනීම,GPRS මැෂින් 4,500 ක් මිලදී ගැනීම ,ඩිපෝ යටිතල පහසුකම් සංවර්ධනය, ශාලිකා සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය ආදී ව්‍යාපෘති රැසක් ද ඉදිරි වර්ෂය තුළ අමාත්‍යංශය මගින්  ක්‍රියාත්මක කිරීමට ද සැලසුම්කර කිබේ.



Recommended Articles