කුලියාපිටිය සිසුවාට ජනපතිගෙන් පාසලක්


(VIDEO) එච්.අයි.වී. අසාදනයට ලක්ව ඇති බව පවසමින් කුලියාපිටියේ පාසලකට ඇතුළත්වීමට නොහැකිව සිටින දරුවාට පාසලක් ලබාදීමට තමා මැදිහත්වන බවත් එවැනි සිද්ධියක් ඇතිවූයේ සමාජයේ නොදැනුවත් බව නිසා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරා මේ බව සඳහන් කළේ අදාළ දරුවාගේ මව සමග දුරකතනයෙන් සම්බන්ධ වෙමිනි. ජනපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එහි ගොස් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන ජනපතිවරයා හා කතා කිරීමට අදාළ මවට අවස්ථාව ලබාදුන්නේ. මව හා සාකච්ඡාකරමින් ජනපතිවරයා ඉහත අදහස් පැවැසීය.

 



Recommended Articles