කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට


කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය පාලන අධිකාරිය සඳහන් කරයි.

පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලදී අද (05දා)  සිදුවූ අනතුරක් හේතුවෙන් මෙහි ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුරින්  සිදුවිය.  මෙම අනතුර හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ ලොරි රිථයේ රියදුරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත. 

උදය දහනායක

20170705_074434  20170705_074457 20170705_074547 20170705_074641 20170705_074846 20170705_074909 20170705_075131 20170705_075152 20170705_075502



Recommended Articles