බන්ධනාගාර බසයට වෙඩි තැබීමෙන් 7කට දිවි අහිමියි


කලුතර එතෙළමඩල ප්‍රදේශයේ බන්ධනාගාරයේ සිට කලුතර අධිකරණයට සිරකරුවන් රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයකට අද (27 දා) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව කලුතර ජේෂ්ඨ පොලීස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා පවසයි.

මේ වෙඩි තැබීමෙන් බන්ධනාගාර නියාමකවරයයන් දෙදෙනෙකු ඇතුලු රැඳවියන් පස්දෙනෙකු මියගොස් ඇති බව ඒ මහතා සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනෙකු මේ වනවිට කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා සඳහන් කරයි.

සිදුවීම සම්බන්ද වැඩිදුර විමර්ශන කටයුතු කලුතර පොලීසිය විසින් සිදුකරනු ලබයි.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා/ ඡායාරූප - සුනිල් තන්ත්‍රිආරච්චි

DSCN7668 copy DSCN7669 copy DSCN7670 copy

DSCN7676 copy



Recommended Articles