කලහකාරීව හැසිරුණු, අසමගිය ඇතිකළ 110ක් අත්අඩංගුවට


තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත් දින 4ක දක්වා කාලය තුළදී කලහකාරීව හැසිරුණ, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සමාජ ජාල ප්‍රකාශ සිදුකළ හා ඇඳිරි නීතිය කඩකළ  සැකකරුවන් 110 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස් අතර තෙල්දෙණිය හා අවට ප්‍රදේශවල කලහකාරී සිද්ධි ඇති කිරීමට කටයුතු කළ පුද්ගලයන් 10 දෙනෙකුද සිටින බවද සඳහන් කළේය.

srilanka_police



Recommended Articles