එජාප මහලේකම් ධුරය බාරගන්න නවින්ට ඉල්ලීමක්


එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය බාරගන්නා ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින්  ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා දේශපාලන මණ්ඩල සාමාජිකයන් ‍පත්කිරීමේ ඡන්දයේදී අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම හේතුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් පුද්ගලයා අමාත්‍ය නවීන් දිසානායක මහතා බැවින් පක්ෂයේ මහලේකම් තනතුරට සුදුසුම පුද්ගලයා ඔහු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය අමත්‍යවරයෙකු නොවන දේශපාලනඥයෙකුට පැවරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.

එසේ වුවහොත් නවීන් දිසානායක මහතාට මෙම තනතුර බාරගැනීම සඳහා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී නවීන් දිසානායක මහතා පැවසුවේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල ඉල්ලීමක් නොලැබුණු බවයි.

Navin-Dissanayake

 

 

 

 



Recommended Articles