උසස් අධ්‍යාපනයට පෞද්ගලික ආයෝජන


මෙරට උසස් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා පුද්ගලික ආයෝජන දිරිගන්වන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 
විශේෂයෙන්ම උසස් පෙළෙන් පසු 20%ක පමණ ප්‍රමාණයක් සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන බවත්, සෙසු සියල්ලටම උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් රජය උසස් අධ්‍යාපනය නංවාලීමට පුද්ගලික අංශයේ දායකත්වය අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක්ම ඒවායෙහි මණ්ඩප මෙරට ආරම්භ කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල පද්ධතිය ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, පවතින විශ්වවිද්‍යාල සඳහා හැකි උපරිම ස්වයං පාලන බලය ලබාදෙන බවයි. මෙවර අයවැයෙන් අධ්‍යාපනට අවශ්‍යතරම් මුදල් වෙන් කර ඇති බවද ඔහු පැවසීය. එසේම විශ්ව විද්‍යාලවල කටයුතු කර ගෙන යාමේ දී උපකුලපතිවරුන්ට වැඩි බලතල ලබා දෙන බවත් විශ්ව විද්‍යාල කටයුතුවලට අනවශ්‍ය මැදිහත්වීම් නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය. 

පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා පසුගිය රජය යටතේද කටයුතු කළ අතර, ඒ සඳහා අවශ්‍ය නීති සකස් කිරීමට එවක උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කටයුතු කළේය. නමුත් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විවිධ පාර්ශ්වවල උද්ඝෝෂණ හමුවේ එය සිදු කිරීමට නොහැකි විය. 



Recommended Articles