උසස්පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම නවතී


උසස්පෙළ සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නවත්වා ඇති බව වාර්තා වෙයි.

අද පැවැති කැබිනට් හමුවේදී ජනපතිවරයා මෙම තීරණය ගෙන ඇත. එම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබුණත් ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.

NoTablet

 



Recommended Articles