උමාඔයේ ජල ලීටර් ලක්ෂ36ක් පැයකට අපතේ යයි


උමාඔය බහුකාර්ය  ව්‍යපෘතියේ උමගින් පැයකට පරිසරයට මුදාහැරෙන ජල ලීටර් ලක්ෂ 36ක ප්‍රමාණය දින තිහකින් නවතා තැබීමට කටයුතු කරන බව එම ව්‍යපෘතියේ ප්‍රධාන අධ්‍යක්ෂ නික්ඩේල් මහතා සඳහන් කර සිටියේය.

ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පසුගිය (17දා) උමාඔය ව්‍යපෘතිය නිසා නායයෑමේ අවදානමකට ලක්ව තිබෙන නිවාස රැසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ව්‍යපෘතිය ක්‍රියාත්මක වන ස්ථානයට ගොස් එහි ප්‍රධාන ඉංජිනේරුවන් හා කාර්මික නිලධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මේ බව පවසා සිටියේය.

බණ්ඩාරවෙල සහ අවට ගම්මාන රැසක භූගත ජලය උමාඔය උමගට මුසුවී කරඳගොල්ල ප්‍රදේශයෙන් පැයකට ජල ලීටර් ලක්ෂ 36ක ප්‍රමාණයක් පරිසරයට පිටවීමේ ප්‍රතිඵලයක් ලෙස බණ්ඩාරවෙල සහ අවට ගම්මාන රැසක ජල උල්පත් සියල්ල සිඳී භූමිය නායයෑමේ අවදානමකට ලක්ව ඇත. තවද මේ හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යලය, රාජ්‍ය ආයතන සහ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව තිබේ.

උමගින් නික්ම යන භූගත ජල ධාරාව නවතා තැබීමට හැකි වුවහොත් බණ්ඩාරවෙල සහ අවට ගම්මාන වල ජල උල්පත් සිඳීයෑම සහ භූමිය නායයෑම පාලනය වන බව  පැවසූ ප්‍රධාන අධ්‍යක්ෂරයා දේශීය,විදේශීය ඉංජිනේරුවන් හා කාර්මික නිලධාරීන් 1500ක් පමණ දෙනා දවසේ පැය විසිහතර පුරා උමගේ කැනීම් කටයුතු සිදුකරන බවද පවසා සිටියේය.

01 copy 2 copy 03 copy  3 copy 3...... 3... 3. 4 copy 05 copy 5 copy 5



Recommended Articles