උතුරේ ජනතාවට රණවිරුවන්ගේ ලේ දන් දෙයි


සම්බුදු තෙමඟුල හා අටවන රණවිරු දිනය නිමිත්තෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රණවිරුවන් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේදී අසලදී පැවැත්විණි.

ලේ බැංකුවේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාරයාලයේ මෙන්ම යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් ආරම්භ වූ මෙම ලේ දන්දීමේ වැඩසටහනට රණවිරුවන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ටද පූර්ණ පරීක්ෂාවකින් පසුව ලේ දන්දීම සඳහා අවස්ථාව සලසා තිබිණි.

මෙහිදී ලේ දන්දීමේ වැඩසටහනට දායක වූ රණවිරුවන් බැලීමට උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාද සහභගි වී ප්‍රශංසා කළේය.

මේ වැඩසටහන් අවස්ථාවට යාපනය රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ භාවන්ද රාජා, ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංකෝවන් යන මහත්වරුද සහභාගි වී සිටියහ.

unnamed (1) unnamed unnamed (7) unnamed (6) unnamed (5) unnamed (4) unnamed (3) unnamed (2)



Recommended Articles