උතුරු කොරියව තෙවැනි මිසයිලයත් අත්හදා බලයි


සති තුනක් ඇතුළත උතුරු කොරියාව විසින් තෙවැනි බැලස්ටික් මිසයිලයද අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.කෙටිදුර මිසයිලයක් වන මෙය සැතපුම් 280ක දුරකට ගමන් කරවිය හැකි බව වාර්තා වෙයි.

ජපානය මේ සඳහා විරෝධය පළ කළද උතුරු කොරියාව විසින් මෙය අත්හදා බලා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට මිසයිල අත්හදා බැලීම තහනම් කර ඇති අවස්ථාවක ඔවුන් මෙය අත්හදා බලා තිබීම සුවිශේෂී වෙයි.

උතුරු කොරියාවේ වොන්සැන් ප්‍රදේශයේදී මෙය අත්හදා බල ඇත. ජපානයේ සෝඩෝ හා ඔකි දූපත් අතරට මෙම මිසයිලය පතිත වී තිබේ. 

_95456385_icbm_missiles_ranges_624 _96254155_6f49513c-7e77-4104-8f3a-645c8bd8e4f4 _96254157_124a74ff-44ec-4e7e-b4a9-08e7964326a4 _96254158_japanokisado9760517



Recommended Articles