ඉන්දීය ධීවරයින් 80ක් නැවතත් ඉන්දියාවට


ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු යළි ඉන්දියාවට ඊයේ (04දා) භාර දී ඇත.

අත්අඩංගුවට පත් ධීවරයින් 76 දෙනා අවස්ථා කීපයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අය වේ. ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී පතුළ මත ඇදගෙන යාමේ තහනම් ක්‍රමය භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. එම ක්‍රමය සාගර සම්පත් වලට දැඩි ලෙස හානිකරන ඉතා විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හැඳින්වේ.  

එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ L 820 නෞකාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 41 වේග ප්‍රහාරක යාත්‍රාව එක් වූ අතර, ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාරන්ග්’ නෞකාව වෙත භාර දී ඇත.

01 copy 06 copy 07 copy 09 copy 10 copy

 



Recommended Articles