ඉන්දීය ජාතිකයන් සිවුදෙනෙකු රත්‍රං සමග අත්අඩංගුවට


arres

රත්‍රං කිලෝ 01 ග්‍රෑම් 737ක් සමග ඉන්දීය ජාතික ගුවන් මගීන් සිවුදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අද (03දා) උදෑසන අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26, 27 හා 35 හැවිරිදි පුද්ගලයන් පිරිසකි.

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුවට බාරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles