ඉන්දියාවේ පළමු වෙසක් තොරණ ප්‍රදර්ශනයට


ඉන්දියාවේ පළමු වරට ඉදිකළ බව පැවැසෙන වෙසක් තොරණ ඊයේ (15දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

නවදිල්ලියේ පිහිට ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ වෙසක් කළාපයට සමගාමීව මෙම තොරණද ඉදි කර තිබේ.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම තොරණ ඉන්දියාවේ ඉදිකළ පළමු තොරණ වියහැකි බවයි.

ස්වදේශ කටයුතු පිළිබඳ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



Recommended Articles